චින්තනය නිවහල්

ලංකා ඉ නිවුස් (www.lankaenews.com) වෙබ් අඩවියේ පලවූ පුවතක් විශ්ලේශනය කරමින් “බැසිල්ගේ Tax Invoice එක……………. a.k.a. ජනමාධ්‍යයේ වල්බූරු නිදහස” මැයෙන් ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොගයේ පලවී තිබූ පුවතක ගැනයි මෙම සටහන.

xxxx

ඇල්කෙමියා අමෙරිකාවේ ආදයම් බදු ගැන කියා ඇති බොහොදේ නිවැරදිය. එහෙත් ඔහු වැනි රක්ෂාවක් කර මුදල් උපයන අයට ඔහු කියා ඇති දේ නිවැරදිය. එයට අමතරම තමන්ගේ කුඩා ව්‍යාපාර වලින්ද, ඉඩ කඩම් වලින්ද මිනිසුන් ආදයම් උපයා ගන්නා මිනිසුන් ඇත. එම අයට අයකරන ආදයම් බදු ප්‍රමාණ වෙනස් විය හැක. ඇමෙරිකානු බදු ක්‍රමය ඉතාමත් සංකීර්ණ ක්‍රමයක් බව අමෙරිකානුවෝද නිතරම පාහේ කථා කරණ දෙයකි.

xxxx

ලංකා ඊ නිවුස් සහ මා අතර කිසිම සම්බන්ධයක් නැත. නමුත් ඔවුන්ගේ අඩ්වියට අනුව එම පුවතේ (සබැඳියාව මෙතැනින්) පෙන්වා ඇත්තේ බැසිල් රාජපක්ෂට අයිති දේපලකට (ගෙයක්, වත්තක්) සැන් බර්නාඩීනෝ කවුන්ටිය වෙත ගෙවා ඇති දේපල බදු ලදුපතක් ගැනය. ආදයම් බදු සහ දේපල බදු පැහැදිලිවම බදුවර්ග දෙකකි. එම ලදු පතට අනුව එම කවුන්ටියේ 1.0333% බදු ප්‍රතිශතයක් ඇති අතර ඔවුන් ගෙවා ඇති බද්දට අනුව එම දේපල ඇමෙරිකානු ඩොලර් 400,000 කට වඩා වටිනා කමක් ඇත.

xxxx

මෙයට අමතරව මමත් ඇදගෙන නාන්නට කලින් ඊ නිවුස් පුවතේ තිබුනු ලදු පතේ ඇති සමහර දේ මම ගූගලයෙන් සොයා බැලුවෙමි. මුලින්ම ඇනෙට් කර්බර් සැබැ නමක් බවත් (සබඳියාව මෙතැනින්) එයට අමතරව මෙම සබැඳියාවට (https://www.mytaxcollector.com/trSearch.aspx) ඊ නිවුස් ලදුපතේ ඇති පාර්සල් අංකය (ඉලක්කම් 13ම) ඇතුලුකර විට ලැබෙන නම් දෙකටද අනුව මෙම ඊ නිවුස් පුවතට යම් පසුබිමක් ඇතිබව ඔබලාට පෙනී යාවී. තවදුරටත් මෙම දේපල තනි පවුල් ගෙයක් (single family residence – SFR) බවත් එම විස්තරයේම දක්නට ලැබේවි. විකිපීඩියාවට අනුව SFR වර්ග අඩියකට වැඩිම දේපල වටිනාකමක් සහිත දෙපල බවද පෙනෙන්නට ඇත.

xxxx

මට ප්‍රෂ්නයක් වූයේ එම වෙබ් අඩවියට අනුව විස්තර ඇත්තේ 2001 දක්වා පමනය. 2009 වසරේ බදු විස්තර ලබා ගත් ආකාරයක් ගැන ඊ නිවුස් අඩවිය සඳහන් නොකරයි.

xxxx

වල් බූරු කවුද නැද්ද යන්න කියවන ඔබලාට භාරයි.

පසුගිය දිනෙක පත්තරයේ හිටපු ඇමතිවරයෙකු බයිසිකලයෙන් චන්ද හිඟමනේ යන ජායාරූප පලවී තිබුනා . මේක දැකපු හුඟක් අයට “අනේ මේ මිනිහා බයිසිකලෙනුත් යනවා මම චන්දෙ මෙයට දෙන්න ඕනෙ” කිය සිතෙන්නට ඇති.

කිසියම් මිනිසෙකුගෙ ලිංගික අවශ්‍යතාවයන් චන්දය දීම හෝ වෙනත් කටයුත්තක් සඳහා අවසර සහ උපකාර ළබා දීමේදී සැලකියයුතු දෙයක් නෙවේය යන්න මගෙ අදහසයි. උදාහරණයක් හැටියට ලඟදී එස්. බී. දිසානයක මහතා රනිල් සහ මංගල සමලිංගික විවාහ අපේ රට තුල ඇතිකිරිමට තැත් කරන බව ප්‍රවෘත්ති සාකච්චාවකිදී සඳහන් කිරිමට යෙදුනා. චම්පික රණවක ගැනද වෙනත් කට කථා ඇත. මෙම කන්ඩායම් දෙක අතර ඇති වෙනෙස්කම කුමක්ද? රනිල් සහ මංගල අපගේ ජීවිතය පවතාගතයුතු ආකාරය ගැන දෙෂපාලන බණ දේෂණා කරන්නේ නැත. චම්පික ඇතුලු කන්ඩායම අපෙ මිනිසුන් ජිවත්විය යුතු ආකාරය ගැන බණ කියමින් රටේ කලබල ඇතිකරයි. තමන්ට රකින්නට නොහැකි බණ අපිට රකින්නට අණ දෙන මෙවැනි දෙපිටකාට්ටු ප්‍රතිපත්ති බයිසිකලෙන් ආවත්, පයින් ආවත් ප්‍රතික්ෂේපකල යුතු නොවේද?

අපේ රටේ ජනවාර්ගික ප්‍රෂ්ණයක් නැතිබව (එම ලිපිය ඔබ කියවනවානම් ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාරද කියවන්න) ඔහු කියා තිබේ. එසේනම් LTTE ඇතිවන්නට කලින් රට තුල ජනවාර්ගික කෝලහාල (1915, 1956) ඇතිවීමට හේතු මොනවාද?

මොහුගේ දේෂපාලනික ආගමනය ගැන ඔහුගේම පිලේ සිටි අයෙකු 2000 වසරේදී ලියූ ලිපිය කියවා බලන්න. මෑතකදී රටේ ඇතිවූ ආගම්වාදී කෝලහාල පිටුපස සිටින කන්ඩායම් සමඟ ඔහුගේ ඇති සම්භන්ඳතාවයන් මොනවාද යන්න සොයාබැලිය යුතුය.

දේශපාලන දෙපිටකාට්ටුවන් බොහෝය. මර්වින් සිල්වලාට චන්දය දුන් විට ආපසු ලැබෙන්නේ කුමක්ද යන්න ඉතා පැහදිලිය. දෙපිටකාට්ටුවන් ගැන එසේ කීමට හැකිද? එතෙක්, බයිසිකල් පදින්නන්ගෙන් ප්‍රවේශම්වෙනු!

අද උදැසන මා දුටු ප්‍රවෘත්ති දෙකක් ගැන මම තවදුරටත් සිතා බැලුවෙමී. මොස්කව් නගරයේ දුම්රියක සිදුවූ බෝම්බ පිපිරීමකින් විශාල සංඛ්‍යාවක් මියයැමත්, අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රාන්ත තුනක 9 දෙනෙක් අතඩංගුවට ගැනීමත් මේ පුවත් දෙකය. මෙම පුවත් දෙකෙහි කිසිම සම්භන්ධතාවයක් තිබෙනවාද?

මොස්කව් නගරයේ පිපිරීම්වලින් 40ක් පමන මියගොසින් සියගනනක් තුවාල ලභාඇත. එක්සත් ජනපදයේ අත් අඩංගුවට ගෙන් ඇත්තේ අන්තවාදී ක්‍රිස්තියානී මිලිෂියා කාන්ඩයකි. මොස්කව් බෝම්බ පිපිරීම්වලට මුස්ලිම් අන්තවාදීන් සම්භන්ධබව තොරතුරුවල දැක්වේ. පසුගිය කාලයේ ලංකාවෙ ජීවත්වු අපට පිපිරීම් ගැන් අත්දැකීම් ඇත. මිලීෂියාකාන්ඩවල අත්දැකීම්ද ඇත. ලෝකයේ අලුත්ම රැල්ලවන ආගම් අන්තවාදීන්ගෙ අලුත්ම ගොදුරබවට ලංකාවපත් කිරීමට සහ බුද්ධාගම එයට පටලවාගැනීමට තැත දරන කුමන්ත්‍රණකරුවන්ට අපි ඉඩදෙන ලකුනු පෙනෙන්නට තිබේ.

AKON පටලවාගෙන් මගඩීනැටුවන් පිටුපස සිටින්නේ කවුරුන්ද? භෞද්ධ අන්තවාදීන් කියා පිරිසක් ලොවතුල බිහිකිරීමට තැත දරන්නන් කවුරුන්ද? රැල්ලට යෑමට උපන් හපන් අපි “අපෙ රටේ සංස්කෘතිය සහ වැඩිදෙනා අදහන ආගම රැකගන්නවුන්” කියා ඔවුන්විසින්ම හදුන්වාගන්නා මෙම කන්ඩායම් වලට තවදුරටත් මෙවැනි දෙ කරන්නට ඉඩ දෙන්නෙමුද?

අනාගතයේදී “භෞද්ධ අන්තවාදීන් විසින් මෙම් පිපිරීමට වගකීම භාර ගෙනතිබේ” යන ෂිර්ශපාඨය සහිත ප්‍රවෘත්ති ගෙන් ඒමට තැත දරන දේශපාලඟයින් සහ උන්ගෙ කටුලෙවකන්නවුන් පිටු දැකිමට කාලය එලඹ ඇත.